ඌව නිම්නයේ අරහත් කඳු මුල
පහන් හිරු ලෙසින් බැබලෙමිනා
තේජ වෙසින් අප විදුහල් මෑනි
උගත මනා ශිල්පය බෙදනා..//
මතු පරපුරකට අභිමන් පෙන්වා
ධීර වීර සුරු ගති මවනා
පාන මෙත් සිතින් සුබෝද විදු මව්
සලසති නිති මතු රැකවරණා
කාල කාල යුග ගෙවුනත් සෙවනේ
නෑර නොයන්නට සිත් දෙමිනා
භේද නැති තොසින් ශිල්ප කළාදිය
රදමින් සිසු යහ ගුණ වඩනා
ඌව නිම්නයේ අරහත් කඳු මුල..//
පද රචනය - ඩබ්.එම් ලක්ෂ්මන් බණ්ඩාර





